Colombo Today Local News

ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන්නැයි පළාත් පාලන බලධාරීන්ට උපදෙස්

ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන ලෙස සියලු පළාත් පාලන බලධාරීන්ට දැනුම් දුන් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරන්නේ, පළාත් ආණ්ඩුකාරවරුන් පළාත් පාලන කොමසාරිස්වරුන් මහ නගර සභා කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා ලේකම්වරුන් කැඳවා මෙම උපදෙස් ලබාදුන් බවයි.

ඩෙංගු මර්දන වැඩපිළිවෙළට සාමාන්‍ය ජනතාවද සක්‍රීයව මැදිහත්වීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේ ය.

මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් වන ඩෙංගු රෝගය වැළඳුණු ළමුන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් ඇතැයි, එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

මේ වනවිට රෝගය වැළඳුණු ළමුන් 43 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කරයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 06 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 57 ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් තත්වයක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,801 කි.

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් ය.

Related posts

ඡන්දෙන් පසු අලුත් ආණ්ඩුවක්.. කණ්ඩායම් තුනක් රහස් කතා..

colombotoday

ඉන්ධන හිඟය IOC කුමන්ත්‍රණයක් !

colombotoday

IMF හමුවේ දී ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාර

colombotoday

හදිසි නීතිය ඉවත් කරන්න – නීතිඥ සංගමය ඉල්ලයි

colombotoday

අකිල විරාජ් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

විවාහා සහ අන්තිම කැමැති පත‍්‍ර පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday