Colombo Today Local News

ඉන්ධන හිඟය IOC කුමන්ත්‍රණයක් !

දින කිහිපයක සිට දිවයින පුරා පවතින බවට හැඟවෙන ඉන්ධන හිඟය කෘත්‍රීමව ඇතිකරන ලද්දක් බවට තමන් අවධාරණය කරනය බව “පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය” නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

ඒ නිවේදනයේ මෙසේ ද සඳහන්වෙයි.

මේ වන විට ඇති වී තිබෙන ඉන්ධන හිඟය සදහා ඉන්ධන පිරවුම්හල් හිමියන් සෘජුව වගකිව යුතු බව අප සංවිධානයේ අදහසයි. පෙට්‍රල් හා ඩීසල් මිල අඩුවේ යැයි යන බියෙන් ඉන්ධනහල් හිමියන් විසින් නියමිත ඉන්ධන තොග ගබඩා නොකරන අතර නියමිත පරිදි ඉන්ධන තොග ඉල්ලුම් නොකිරීම නිසා මෙම ඉන්ධන හිඟය ඇති වී ඇති අතර මෙම නිසා පාරිභෝගිකයින් විශාල ලෙස පීඩාවට පත්ව ඇත.

නියමිත සේවා පවත්වාගෙනයාමට කටයුතු නොකරන රටපුරා ඇති ඉන්ධන හල් හඳුනාගෙන එම ඉන්ධන හල් හිමියන්ට දඬුවම් කරන ලෙස ඛණිජ තෙල් විෂයභාර අමාත්‍යවරයාගෙන් අප ඉල්ලා සිටිමු.

මෙම ඉන්ධන හිඟය මවා පෑමෙන් සමහර පාර්ශව බලාපොරොත්තුවන්නේ පසුගිය දිනවල අයි. ඕ. සී. සමාගම ගෙන්වූ ප්‍රමිතියෙන් තොර බාල තෙල් නැව නිදහස් කර ගැනීම වන බවද අප අවධරණය කරමු.”

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින්යුතුව මේ නිවේදනය නිකුත් කර ඇත.

Related posts

චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටවෙයි…

colombotoday

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday

තවත් නෞකා දෙකකින් ඉන්ධන ගොඩබෑම අද අරඹ‍‍යි

colombotoday

කොරෝනා ආසදිතව සුව වී දින 2කින් තරුණියක් මිය යයි

colombotoday

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin

බැදුම්කර බෑණා සමග ගනුදෙනු කළ කෝප් කමිටු සාමාජිකයන් හෙළිවෙයි !

colombotoday