Colombo Today Local News

පාරිභෝගික වැටලීම් නිලධාරීන්ට නිළ ඇදුමක් අන්දන්න යයි.. අයවැයෙන් ලක්ෂ 75ක් ඉල්ලයි

පාරිභෝගික අධිකාරියේ හදිසි වැටලීමේ නිලධාරීන්ට නිල ඇදුමක් හදුන්වාදීම සදහා රුපියල් ලක්ෂ 72ක මුදලක් වැය කිරීමට යන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. ඇමතිවරයාට හිතවත් පුද්ගලයෙකුගේ උවමනාවට මෙම අයථා ක්‍රියාව සිදුවන බවද නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. එම නිවේදනය පහතින්

“2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පිහිටුවූ පාරිභෝගික කටයුතු අධිකාරියේ මේවන විට විමර්ශණ නිළධාරීන් 240 ක පිරිසක් සේවය කරන අතර තවත් 200 යක් බදවා ගැනීමට නියමිතය.

මෙම විමර්ශණ නිළධාරීන්ගේ කාර්යයභාර්ය වන්නේ වැටලීම් සදහා දායකවීමය. මෙම වැටලීම් කිරීමට පෙර උපාය දූතයින් වශයෙන් වෙළදසැල්වෙත ගොස් තොරතුරැ ලබා ගනු ලබයි. නැතහොත් වෙළද සැල් හිමියාට හදුනාගත නොහැකි ආකාරයට ගොස් සොයා බැලීම්කරනු ලබයි.

මෙසේ කටයුතු කිරීම වෙළදසැල් හිමියන් නුරැස්සන අතර වෙළදසැල් හිමියන්ට පාරිභෝගික කටයුතු අධිකාරියේ වමර්ශණ නිළධාරීන් හදුනාගත හැකි ලෙස නිල ඇදුම් අන්දවන ලෙස ඇමතිවරයාට හිතවත් වෙළද ව්යාශපාරිකයින් විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ පූර්ණකාලීන සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට තමාට ඇති සුදුසුකම් මෙතෙක් පෙන්වා නැති නිමත්ඩීන් නැමැති පුද්ගලයා විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන්ට නිල ඇදුම් ඇන්දවීම සදහා රැපියල් ලක්ෂ හැත්ත පහක මුදලක් 2018 අයවැයෙන් ඉල්ලා ඇත.

විමර්ශණ නිළධාරීන්ට නිල ඇදුම් ඇන්දවීමට අවශ්‍ය නම් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත සංශෝධනය කල යුතුය. එසේ නොකර විමර්ශණ නිළධාරීන්ට නිළ ඇදුම් ඇන්දවීම නීති විරෝධීය. කල යුතු වන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන්ට නිල ඇදුම් ඇන්දවීම නොව පූර්ණ කාලීන් සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොමැති නීමත්ඩීත් නැමැත්තා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් එළවා දැමීමය”

Related posts

පාසල් 122ක විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් කුඩු විකුණූ 75ක් අත්අඩංගුවට..

Admin

හිජාස් හිස්බුල්ලාගේ නීතිඥභාවය අත්හිටුවන ලෙස බොදු බල සේනා අගවිනිසුරුගෙන් ඉල්ලයි

colombotoday

නිතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය ඥානසාර හිමි වැරදි කරුවකු කරා – බෙන්ගමුවේ හිමි

colombotoday

සියළුම ධීවර වරායන් විකුණා දමන්න ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය !

colombotoday

සුළු සිදුවීම්වලින් මුස්ලිම් ජනතාව අන්තවාදය කරා තල්ලුවිය හැකියි – හකීම් අනතුරු අගවයි

colombotoday

84 හැවිරිදි විශ්‍රාමික ගුරු මව පන්දාහේ කොල මිටියක් ජනපති අතටදී කල ඉල්ලීම

colombotoday