Colombo Today Local News

වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි

වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඊයේ රාත්‍රී 9.40 ට පමණ වැලිගම – අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ දෙනිපිටියේ, නුගරුක ආසන්යේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

වෙඩි තැබීම සිදුව ඇත්තේ, පියපුතු දෙපළකටයි.

පියපුතු දෙපළ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තවත් යතුරු පැදියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් 50 හැවිරිදි පියා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර වයස අවුරුදු 20ක් වන පුතු මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇතැයි පොලීසියේ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී පතොරම් කොපු 20 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය පවසයි.

සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථ අනතුරක්

Admin

බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

colombotoday

අළුත්ගම – දර්ගා නගරයෙන් පෙට්‍රල් බෝම්බ පහක් සොයාගනී..

colombotoday

අලුත් විවස්ථාව සම්මත කරන්න සජිත් දිනවන්න – රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

මා ඇරඹූ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම ගැන සතුටුයි

Admin

බදු ප්‍රතිශත ඩබල් වෙයි.. වෑන් ලක්ෂ 25කින්, හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි වෙයි

colombotoday