Colombo Today Local News

වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් ලංකාවට

වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් අතර හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහාත්, බුදු දහම හා බැඳුණු සංස්කෘතිකාංග හුවමාරුව සඳහාත් මෙම දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී දළඳා මාලිගාව, ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ මහියංගනය යනාදී බෞද්ධ කේන්ද්‍රස්ථාන වැඳපුදා ගැනීම සහ භික්ෂූන් වහන්සේලා බැහැදැකීමත් මෙම දූත පිරිසෙහි අරමුණ වේ.

වියට්නාම බෞද්ධ සංඝ සභාවේ අනුශාසක මණ්ඩලයේ උප උත්තරීතර කුලදෙටුවන් වන තිච් වියන් මිං, වියට්නාම බෞද්ධ සංඝ සභාවේ විධායක සභාවේ මහලේකම්, උප සභාපති ආචාර්ය තිච් ඩක් තියන්, ජාත්‍යන්තර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි වියට්නාමයේ උප සභාපති ලංකා මිත්‍රත්ව ශ්‍රී සංගමයේ වියට්නාම බෞද්ධ සංඝ සභාවේ විධායක සභාවේ උප සභාපති තිච් තන් ෆොං ඇතුළු පිරිසක් මෙන්ම අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

Related posts

තව්හිද් ජමාත් ත‍්‍රස්තයෝ 1000 ක් ශ‍්‍රී ලංකාවේ : රට පුරා කඳවුරු 17 ක පුහුණුව ලබලා

colombotoday

ඊළමට ආවඩා ලංකාවට එනු බෑ ! ඊළාම් ගැති රැජිණි කාන්ත්ගේ වීසා අයැදුමට ලංකා රජයෙන් පාපහරක් !

colombotoday

Online පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

Admin

මන්දකට හසු වී සිටිය දී මුදවාගත් කඳුකර කොටියා මිය යයි

colombotoday

මහ මැතිවරණයෙන් පසුව එජාපය ආණ්ඩුවේ !

colombotoday

නැගෙනහිර මහඇමති කණගාටුයි කියා ත්‍රිවිධ හමුදාවම හෙළා දකී.. වැරදිකරුවන් රකිනවායි චෝදනා කරයි

colombotoday