Colombo Today Local News

මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළට – සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය කියයි

බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසක මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා සදහන් කරන්නේ, තම නිලධාරීන් දීප ව්‍යාපත්ව කළ සමීක්ෂණවලදී මෙම කරුණු අනාවරණ වූ බවයි.

මදුරු කීට ඝණත්වය මැන බලන බිටෝ දර්ශකයේ අගය බොහෝ ප්‍රදේශවල ඒකක 20 ඉක්මවන බවද ඔහු සඳහන් කළේ ය.

නජිත් සුමනසේන මහතා අවධාරණය කළේ, ඩෙංගු මදුරුවන්ගේ ගහනය පාලනය සඳහා බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වුව ද ඒවා අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වී නොමැති බවයි.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 30,000 ඉක්මවයි.

ඉන් 50% ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් ය.

ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා ජනතාවට ඇත්තේ විශාල කාර්ය භාරයකි.

තම අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කළ හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Related posts

“විල්පත්තුව පවතින්නේ ඔබ ජනාධිපතිකම් කරන රටේ නොවෙයිද?“ – ජනපතිට ලිපියක්

colombotoday

චීන කොඩිය එසවීමෙන් තහවුරුයි.. හම්බන්තොට වරායේ ක්‍රියාත්මක වන්නේ චීන නීතියයි

colombotoday

යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කරයි

colombotoday

හිස් වූ අමරකීර්තිගෙන් පාර්ලිමේන්තු අසුන ජගත් සමරවික්‍රමට

colombotoday

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් අභාවප්‍රාප්ත වෙයි

Admin

විදෙස් ගමන් බලපත්‍ර 28ක් සමග මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday