Colombo Today Local News

2017 වසරේ ඩෙංගු රෝගීන් 184000 ක්‌ මරණ 430 ක්‌

2017 වසර තුළ ඩෙංගු මරණ 430 ක්‌ වාර්තාවන බවත්, ඩෙංගු රෝගීන් එක්‌ ලක්‍ෂ අසූහතර දහසක්‌ වාර්තාවන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50 ක්‌ම වාර්තා වී ඇත්තේ බස්‌නාහිර පළාතෙන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ඊයේ (29 වැනිදා) සති අන්ත පුවත්පතකට පවසා ඇත.

බස්‌නාහිර පළාතේ වෙසෙන ජනයා ඩෙංගු මර්දනය සඳහා එළැඹෙන 2018 නව වසරේදී දැඩි උනන්දුවක්‌ දැක්‌විය යුතු බවද හෙතෙම කියා සිටියේය.

නව වසරේ පාසල් වාරය ආරම්භ කිරීමට පෙර අද (30 වැනිදා) සහ හෙට (31 වැනිදා) සියලුම පාසල් සහ අවට පරිශ්‍ර පිරිසිදු කරන ලෙස තමන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

මෙම කටයුතු අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්‌ඩලය, දෙමවුපියන්, පාසල් සංවර්ධන සමිතිය එක්‌ව සිදුකළ යුතු බවද හෙතෙම කීය.

ඒ මහතා මෙසේද කීය.

“පාසල් විතරක්‌ නොවෙයි, පෙර පාසල්, කොළඹ අවට තදාසන්න නගරවල ඉදිකෙරෙමින් පවතින ගොඩනැඟිලි පරිශ්‍ර සියල්ලක්‌ම සුද්ද කරන්න. මොකද පවතින අධික වර්ෂාව හමුවේ ආයෙමත් ඩෙංගු රෝගය පැතිරී යන්න පුළුවන්. විශේෂයෙන් පාසල් දරුවන්ට නව පාසල් වාරය පටන් ගත්තාට පසු මදුරු විකර්ශ ගල්වා පාසල් එවන්න.

Related posts

වසර 05 ම පාවිච්චි කළේ පැරණි නිල රථයයි. ඇන්දේ හිටපු කථානායක ඇඳපු කබායයි. සමු දෙන්නේ පිරිසිදු දෑතකින් යුතුවයි. කථානායක කරු ජයසුරිය කියයි

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති 26ක් අද විරෝධතාවක

colombotoday

වර්ණසිංහගේ සෞඛ්‍ය ඇමතිකම මහ ඇමති පවරා ගනී.. අද දිවුරුම් දෙයි

colombotoday

මහින්දගේ ආරක්ෂකයන් 42ක් එකවර ඉවත් කරයි

colombotoday

වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වෙයි.. පාර්ලිමේන්තුව උණුසුම්

colombotoday

”වසර 07ක් යනතුරු මැතිවරණවලට තරඟ කරන්න බැහැ” – අධිකරණ ඇමති කියයි

colombotoday