මැතිවරණ කොමිෂන් සභාව අද (04) පෙරවරුවේ රැස්වේ.
මැතිවරණයට අදාළ කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.
මේ අතර පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් ලබන 10 වැනි දා යින් පසුව තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
ඔහු පැවසුවේ, ලබන 10 වැනි දාට පෙර අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නම් පළාත් පලාන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 25 වැනි දාට පෙර පැවැත්වීමේ හැකියාවක් ඇති බවයි.