Colombo Today Local News

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව වැඩිවෙන්නේ මෙහෙමයි

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා ද යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා ද ඉහළ දමා ඇත.

එසේම මීට පෙර බස් රථ සඳහා ඉන්ධන ලීටර් 40ක් ලබාදුන් අතර එය ඉන්ධන ලීටර් 60ක් දක්වා ද ඉහළ දමා තිබේ.

මෝටර් රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 30 දක්වා ඉහළ දමා තිබේ. ඉඩම් වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 25ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

මේ අතර ලොරි රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 75ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. එසේම විශේෂ කාර්ය වාහන සහ වෑන් රථ සඳහා නිකුත් කරනු ලැබූ ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට 30 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

Related posts

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

colombotoday

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතීත්වයෙන් ‘එක් රටක් එක් නීතියක්’ සදහා ජනාධිපති කාර්ය සාධක බලකායක්.

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යංශය අකිලට?

colombotoday

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න…. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්…

colombotoday

ඔබාමා යන්න කලින් ලංකාවේ NGO වලට සංහිදියා දොළපිදේනියක් !

colombotoday

උතුරු කොරියාවට විරෝධය දැක්වීම : ජනපති දැනන් හිටියේ නැතිලු..!

colombotoday