Colombo Today Local News

ඥානසාර හිමි සමග උඩුනුවර ආසනයේ පැවති භික්ෂු රැස්වීමකට පොලිස් බලපෑම්

ඊයේ (1) සවස ගෙලිඔය කොටකදෙනිය රාජමහා විහාරස්ථානයේ පැවති, ප්‍රදේශයේ නායක මට්ටමේ භික්ෂුන් වහන්සේලා සහබාගීවූ රැස්වීමකට අනවශ්‍ය පොලිස් බලපෑම් එල්ලවී තිබෙනවා. මෙම රැස්වීම සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ප්‍රදේශයේ නායක මට්ටමේ භික්ෂුන් වහන්සේලා පමණක් සහබාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශය පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබී ඇති අතර ඊයේ සහ පෙරේදා දිනයන්හිදී ප්‍රදේශයේ විහාරස්ථාන මුලික කරගන බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබු බවත් පොලිස් ස්ථානාධිපතිවරයා නිතර ගැටුම් නිර්මාණය කිරීමට උත්සහ ගන්නා බවත් ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා මෙහිදී චෝදනා කර සිටියා.

මහනුවර රජ සමයේ රාජකාරී බාරව සිටි පාරම්පරික සිංහල ගම්මාන පිහිටි මෙම ප්‍රදේශ මෑත කාලීනව දැඩි මුස්ලිම් ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර, මුස්ලිම් පල්ලි ඉදිකිරිම සදහා ඇල මාර්ග ගොඩ කිරීම්, වගුරු බිම් ගොඩකිරීම්, රජයේ ඉඩම් බලහත්කාරී ලෙස අත්පත් කර ගැනීම්, විහාරස්ථාන සතු දේපළ අත්පත් කරගැනීම, විශාල පල්ලි ඉදිකිරීම්, කසල තේ ජාවාරම ඇතුළු විවිධ වූ සමාජය නොසන්සුන් තාවයට ලක්කෙරෙන ක්‍රියාකාරකම් ප්‍රදේශය තුල බහුලව සිදු වන බවයි අප මහනුවර වාර්තාකරු සදහන් කර සිටියේ.

Related posts

ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් නොමැති විමෙන් වාහන හිමියන් පිඩාවට.

colombotoday

මහනායක හාමුදුරුවන්ට අභියෝග කිරීම දේවදත්ත සම්ප්‍රධායේ වැඩක්. | සේරුවිල අත්පත්කර ගැනීමට කිරිබත්ගොඩ හිමි දේශපාලන හිතවත්කම් යොදා ගන්නවා ?

colombotoday

ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණයත් අරඹයි

Admin

රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් ගනිද්දි මාට්ටු

Admin

තවත් ඔටෝ ඩීසල් නැවක් දිවයිනට… තොග ගොඩබෑම අද සිට

colombotoday

“පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි“ – එජාපය අධිකරණයට යයි

colombotoday