Colombo Today Local News

රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් ගනිද්දි මාට්ටු

රුපියල් 60,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොමිසම සඳහන් කළේ, ඉඩමේ පිහිටි සැලැස්ම ප්‍රදේශීය සභාවෙන් අනුමත නොකර ඉදිකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලට නීති මඟින් කටයුතු නොකර සිටීම සහ එය කඩා ඉවත් නොකිරීම සඳහා මෙම මුදල ඉල්ලා ඇති බවය.

ප්‍රථමයෙන් එම කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 350,000ක මුදලක් ඉල්ලා ඇතත් පසුව එය ලක්ෂයක් දක්වා අඩු කර නැවතත් එම මුදල රුපියල් 60,000ක් දක්වා අඩු කර ඇති බව සඳහන්ය.

කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තාවක් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව කරච්චිය ප්‍රදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙක් එම මුදල ලබා ගන්නා අවස්ථාවේදී එම කාන්තාවගේ නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ගෝල්ෆේස් ආ සම් සම් ලොක්කා අල්ලාහ්ට කිය කියා මුස්ලිම් අන්තවාදය සිංහල දේශපාලකයන් මත පටවයි.

colombotoday

පූජිත් ජනපති කොමිසමට එයි

colombotoday

යළිත් හමුදාපතිකම භාර ගන්නැයි ජනපති ෆීල්ඩ් මාර්ෂල්ගෙන් ඉල්ලයි !

colombotoday

ඇමති ජෝන්ට සූර් වී මාධ්‍ය හමුව අවලංගු කරයි

colombotoday

මුදල්-රත්‍රන් පුදමින් වදින ව්‍යාජ දළදා මාලිගාවක් ගැන ජනපතිට ලිපියක්

Admin

මාකදුරේ මධූෂ් සමග රාජ්‍යතාන්ත්‍රිකයෙක්, රියලිටි තරු 6ක් අත්අඩංගුවේ… ඇමති පිරිසක් කලබල වෙයි…

colombotoday