Colombo Today Local News

කච්චතිව් දුපතේ අනන්‍යතාවය ආරක්ෂා කරන්න බුද්ධ ප්‍රතිමාව ඉවත් කරලා

කච්චතිව් ශාන්ත ආන්තෝනි දේවස්ථානය අසල ස්ථාපිත කර තිබුණු බුද්ධ ප්‍රතිමාව එම ස්ථානයෙන් ඉවත් කළ බව නාවික හමුදාව යාපනය රදගුරු කාර්යාලය වෙත දැනුම් දී ඇත.

එම බුද්ධ ප්‍රතිමා වහන්සේ කච්චතිව් දුපතෙන් පිටතට රැගෙන ගොස් ඇති බවත් නාවික හමුදාව දැනුම් දී තිබේ.

යාපනය රදගුරු කාර්යාලය පසුගිය මාර්තු මස 27 වනදා නාවික හමුදාව වෙත යොමු කරන ලද ලිපියට නාවික හමුදාව යාපනය රදගුරු කාර්යාලය වෙත පණිවිඩයක් ලබාදෙමින් ඉහත කී බුද්ධ ප්‍රතිමාව කච්චතිව් දුපතෙන් ඉවත් කළ බව දැනුම් දී ඇත.

ඒ අනුව කච්චතිව් දුපතේ අනන්‍යතාවය ආරක්ෂා කරමින් ජනතාව අතර සංහිදියාව පවත්වාගෙන යාම වෙනුවෙන් නාවික හමුදාව ගෙන ඇති පියවර අගය කරන අතරම ස්තුතිවන්ත වන බව යාපනය රදගුරු කාර්යාලය පවසයි.

Related posts

වලපනේ භූ කම්පනයක්

colombotoday

මැතිවරණය පිලිබද පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද? තීන්දුව හෙට

colombotoday

ජැක්සන්ලට වැඩ වරදියි

Admin

රාජ්‍ය ආයතන සේවකයින්ට දැනුම් දීමක්

colombotoday

මෙරටට පැමිණ සිටි අමෙරිකානුවෙක් බස් රථයක් තුළ මිය යයි

colombotoday

IDH රෝගීන් ගෙන් පිරෙයි.. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්

colombotoday