Colombo Today Local News

වලපනේ භූ කම්පනයක්

වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබේ.

අද (22)දින අලුයම 3.30 ට පමණ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේය.

අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකකය 1.8ක ප්‍රබලත්වයකින් යුක්ත බව සඳහන් වේ.

භූකම්පනය මහකනදරාව, පල්ලේකැලේ සහ හක්මන භූ කම්පන මානවල සටහන්ව ඇති බව අනුර වල්පොල මහතා සඳහන් කළේය.

මේ අතර වියලුව ඇකිරිය ගම්මානයට ද මෙම භූ කම්පනය දැනී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

Related posts

නිදහස් පක්ෂයට එරෙහි පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා දිනය ගැන ගෝඨාභය හෙලි කරයි…

colombotoday

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday

පරිප්පුත් කාල හමාරයි.. ආනයනික බද්ද අද සිට ඉහළ දමයි

colombotoday

පොහොට්ටුවෙන් මහ මැතිවරණයට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයක් නෑ ජනපතිගේ වැඩපිළිවෙලට 2/3ක් දෙන්න..- අගමැති මහින්ද

colombotoday

ඥානසාර හිමියන්ගේ “එක රටක් එක නීතියක්” වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ජනපති රනිල් අරඹයි

colombotoday