මුලතිව්, වව්නික්කුලම් වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබේ.
අවරුදු 17 සහ 35 යන වයස්වල පසුවන දෙදෙනෙකු එලෙස මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඔවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඥාතී නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි අවස්ථාවේදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.