Colombo Today Local News

කැදල්ලක් තනන්න සිටි තරුණ යුවළක් ලොරි රථයකට ‍යට වෙයි

මාළු මිළදී ගනිමින් සිටී තරුණ යුවළක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී ඉමාෂා කරුණාතිලක නැමති 23 හැවිරිදි තරුණියක බව සදහන් වේ.

දෙදෙනා ඊයේ (23) රාත්‍රි කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්අස්හේන හන්දියේ නවතා මාළු මිළදී ගනිමින් සිට ඇති අතර, කළුතර දෙස සිට මතුගම දෙසට පැමිණි ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇත.

බරපතළ තුවාල ලබා සිටී දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, තරුණිය මියගොස් ඇති බවත්, තරුණයා බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයකු කියයි.

තරුණ යුවළ මෑතකදී විවාහවීමට බලාපොරොත්තු සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි.

ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

අනුරාධපුරේ මැති ඇමති නිවෙස් ගිනිතැබූ අරගලකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

colombotoday

ලක් ඉතිහාසයේ ලොකුම අල්ලස, කෝටි 12/2 ගත් රේගු ලොක්කෝ 3ක් දැලේ

colombotoday

යල කන්නයේ වගාවට ජලය මුදා හැරීම අද ඇර‍‍ඹෙයි…

Admin

“රණවිරු සටන පාවාදීමට රාජිත-සජිත්ගෙන් අල්ලස්…” හංස වේදිකාවට නැග්ග ආබාධිත රණවිරුවා නැවත හැරෙයි… සියල්ල හෙළිකරයි

colombotoday

විශ්වවිද්‍යාල සිසුවෙක් දුම්රියක ගැටී මරුට

Admin