එළඹෙන පළාත්පාලන මැතිවරණයේ ජයග්රහණය පිලිබදව ජනාධිපතිවරයා බුද්ධි අංශ වාර්තාවක් කැඳවා තිබෙනවා. එම වාර්තාවට අනුව එකසත් ජනතා නිදහස් සන්ධානයට 10% ක් තරම් සුළු ඡන්ද ප්රතිශතයක් ලැබෙනු ඇති බවට ප්රකාශ වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.
එම වාර්තාවට අනුව ශ්රී ලංකා පොදු ජන පෙරමුණ 40% – 45% ක ප්රතිශතයකුත් එක්සත් ජාතික පක්ෂය 35% – 40% ක පමණ ප්රතිශතයකුත් ප්රමාණයකුත් ලබාගනු ඇති බවට සදහන්ව තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.