Colombo Today Local News

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

වරාය මෙහෙයුම් කටයුතු සඳහා ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

දැනට වරාය තුළ වෙළෙඳ නාවික කටයුතුවලදී සහ භාණ්ඩ නිශ්කාෂනයේදී විශාල ප්‍රමාදයක් සිදු වන බව හඳුනාගෙන ඇති අතර එය වැළැක්වීමට මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරන්නේ, මෙම ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් ඩොලර් මිලියන 35ක් පමණ වැය වන බවත් මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවයි.

වරාය ඩිජිටල් සන්නිවේදන පද්ධති මෙම වසර අවසාන වීමට පෙර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

Related posts

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ

colombotoday

වසර තිහක් පැරණියි.. පාර්ලිමේන්තුවට අලුත්වැඩියාවක් ඕනමයි… යන වියදම ගැන කතානායකගෙන් නිවේදනයක්

colombotoday

සිංහල ජනතාව උතුරේ පදිංචි කරොත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවා.. ඒනිසා අපි විරුද්ධයි – විග්නේෂ්වරන්

colombotoday

ඉන්දියාවට දුන් තෙල් ටැංකිවලට සත පහක්වත් ගෙවා නෑ..!!

colombotoday

හදුන්නෙත්තිගේ යාලුවා ඩොලර් මිලියනේ එවලද?

Admin

“බුර්කාව තහනම් කරන්න තවම තීරණයක් නෑ” – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday