Colombo Today Local News

හෙම්මාතගම දී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී විදෙස් කතක් මරුට

ගම්පොල දෙස සිට හෙම්මාතගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හෙම්මාතගම දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී නිසා එම මෝටර් රථයේ ගමන්ගත් විදේශීය කාන්තාවක් මිය ගොස් ඇයගේ දියණිය ද තුවාල ලබා ඇතැයි හෙම්මාතගම පොලිසිය පවසයි.

මෝටර් රථය පදවාගෙන ගිය රියදුරා ද තුවාල ලබා ඇත. තුවාල ලැබූ දෙදෙනා ගම්පොල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

විදේශීය කාන්තාව මියගොස් ඇත්තේ ද ගම්පොළ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මෙසේ මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්දීය සම්භවයක් ඇති ප්‍රකාෂ් ෂරීටා දේවි නැමැති 68 හැවිරිදි කාන්තාවකි.

රියදුරාට මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගිය බව පොලිසිය පවසයි.

Related posts

මල්වතු මහා විහාර පාර්ශවයෙන් කතානායක කරුට ගෞරව සම්මානයක්…

colombotoday

උප්පැන්න,විවාහා සහ මරණ සහතික පිටපත් සීමාවකින් තොරව වලංගුයි.

colombotoday

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

colombotoday

කොළඹ වරාය පරිපාලන වැරදි හේතුවෙන් අර්බුදයකට?

Admin

කවුරු විරුද්ධ වුණත් තැපැල් ගොඩනැගිලි හෝටල් හදන්න දෙනවා – තැපැල් ඇමති හලීම්

colombotoday

සත්ත්ව ගොවිපොළකට පැන්න හොරෙක් ගුටි කා මරුට

Admin