Colombo Today Local News

රට රැකියා සිහින පෙන්නා මුදල් ගරන වංචනිකයින් ගැන දැනුම් දෙන්න අංකයක්… – ගෙවුණු මාස දෙකට 24ක් කොටු

විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබා ගැනීම ඇතුළු නීතිවිරෝධි කටයුතුවල නිරතවීමේ චෝදනා මත පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාස 2 තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කළ වැටලීම්වලදීයි.

ජනවාරි සහ පෙබරවාරි මාස තුළ ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 173 ක් විභාග කර ඇත අතර එහිදී පැමිණිලිකරුවන් වෙත අය කර දී ඇති දඩ මුදල, රුපියල් ලක්ෂ 126 කට අධිකයි.

විදේශ රැකියා ලබා ගැනීම සඳහා නීතිවිරෝධි ආයතනවලට සහ අතරමැදී තැරැව්කරුවන්ට මුදල් ලබා දීමෙන් වළකින්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.

එවැනි පුද්ගලයින් පිළිබඳ පැමිණිලි, 0112 86 42 41 යන දුරකතන අංකයට දැනුම් දිය හැකියි.

Related posts

මියගිය බවට තහවුරු කළ පුද්ගලයෙකුට මෝචරියේ දී පණ එයි

colombotoday

බස්නාහිර රෝහල් රැසකදී අවුරුදු 12ට වැඩි සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය අද

colombotoday

ගයේෂා පෙරේරාගේ නිරුවත් කතාවට මධූෂා රාමසිංහගෙන් නිරුවත් ප්‍රතිචාර

colombotoday

“පාර්ලිමේන්තුවේ ‘අන්න හොරා‘ කියන පික්පොකට් කාරයා”.. ජනපතිගේ සැර කනේ පහර කාටද [Video]

colombotoday

ඌරු මස් කෑම අවධානම්

Admin

පළාත්සභා මැතිවරණයට ශ්‍රීලනිප අපෙක්ෂකයන් නෑ… දැම්මත් දිනන්නත් බෑ

colombotoday