Colombo Today Local News

මියගිය බවට තහවුරු කළ පුද්ගලයෙකුට මෝචරියේ දී පණ එයි

මියගිය බවට තහවුරු කර මෘත ශරීරාගාරයට යැවූ පුද්ගලයෙකුට නැවත සිහිය ලැබීමේ පුවතක් මීගමුව මහ රෝහලෙන් වාර්තා වේ.

මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ මීගමුව මැදපිටිපන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් අදාළ පුද්ගලයා මීගමුව මහ රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කර ඇති අතර එහිදී වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බවට නිර්දේශ කර මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබුණි.

රෝහල් පොලීසිය ඥාතීන්ට කළ දැනුම්දීමෙන් අනතුරුව පවුලේ ඥාතීන්ද මෘත ශරීරාගාරයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී බිරිඳගේ හැඬීමත් සමග එක්වරම ට්‍රොලියේ සිටි රෝගියාගේ මුව සෙලවීමට පටන්ගෙන තිබේ.

එම අවස්ථාවේදී ඥාතීන් එහි සිටි රෝහල් කාර්යමණ්ඩලයට ඒ බව දන්වා ඇති අතර ඔවුන් රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා එම රෝහලේ ම 4 වන වාට්ටුවට ඇතුළත් කර තිබේ.

පසුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම රෝගියාගේ රුධිරයේ සීනී මට්ටම අඩුවී සිහිසුන්ව සිට ඇති බවය.

රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මීගමුව මහ රෝහල් අධ්‍යක්ෂවරිය විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇති බවද වාර්තා වේ.

Related posts

“මියගිය අය සැමරීම රජයත් අනුමත කරල තියනවා“ උතුරේ “ජනසංහාරක සතියක්“ නම්කර TNA ජයටම සමරයි

colombotoday

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

colombotoday

විදෙස්ගතව සිටි 120දෙනෙකු දිවයිනට

colombotoday

ලොතරැයි පත් අලෙවිය සියයට 40කින් පහළට

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමට කටයුතු සුදානම්

colombotoday

[Video] ආරක්ෂකයන් රොත්තක් පිරිවරා අගමැති ත්‍රීවීලරයකින් වීදි සංචාරයේ !

colombotoday