Colombo Today Local News

විසඳුම් නැත්නම්, වෘත්තීයවේදීන් 3 සිට යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගවල

බදු ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම් ලබන 03 වනදා සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.

ඔවුන් ඊයේ (29)දින අවධාරණය කළේ, මේ පිළිබඳ අවසන් ලිපිය අද (30)දින ජනාධිපතිවරයාට යොමු කරන බවයි.

වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ (29) පස්වරුවේ කොළඹදී රැස්විය.

වෛද්‍ය, විශ්වවිද්‍යාල, බැංකු, ඉංජිනේරු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති නියෝජිතයින් මෙයට එක්ව සිටි අතර ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කර තිබේ.

වෘත්තිය සමිති 47 කගේ සහභාගීත්වයෙන් පසුගි
යදා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ, රුපියල් ලක්ෂයට වැඩි ආදයම් ලබන්නන් සදහා අය කරන උපයනවිට බද්ද ඇතුළත් බදු ක්‍රමවේදය සංශෝධනය කිරීම මුල් කරගනිමිනි.

බැංකු ණය පොලී අනුපාතික සංශෝධනය, විදුලි බිල ඇතුළු ජීවන වියදම අඩු කිරීම යන කරුණු ද ඔවුන්ගේ ඉල්ලීම් අතර විය.

Related posts

ඇමති රාජිතගේ පුත් චතුර කැබිනට් මණ්ඩලයටත්..!!

colombotoday

ජනපති – අගමැති ගැටුමෙන් මහබැංකුව සෙලවේ.. ආර්ථිකය තවත් අවුලට

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

Admin

රාජිතගෙන් පැය 4ක ප්‍රකාශයක්

colombotoday

සමාජ මාධ්‍ය ජාලා යථා තත්වයට

colombotoday

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

colombotoday