Colombo Today Local News

අවධානයෙන් ඉන්න. – බේරුවල භූ චලනය ගැන විස්තර

අද (30) දහවල් වාර්තා වූ භූ චලනය පිළිබඳ අවදානමක් නොමැති වුවත් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

අද දින දහවල් 1.02 ට පමණ බේරුවල මුහුදේ කිලෝමීටර් 24ක් පමණ දුරින් වාර්තා වූ භූ කම්පනය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජ්‍යෙෂ්ඨ භූකම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන සඳහන් කළේය.

“මෙම චලනය අපගේ භූ කම්පන උපකරණ මධ්‍යස්ථාන හතරෙම සටහන් වුණා. බේරුවල සිට කිලෝමීටර් 24ක් දුරින් මුහුදේ රික්ටර් මාපාංක 3.7ක භූ චලනයක් වාර්තා වෙලා තිබෙනවා.”

“කළුතර, මග්ගොන, බේරුවල, බෙන්තොට ඒ වගේම පිළියන්දල ප්‍රදේශවල ජීවත්වෙන මහජනතාව මෙම චලනය දැනුණු බවට වාර්තා කරලා තිබෙනවා.”

“මෙවැනි භූ චලනයකින් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නැහැ. සුනාමි තත්ත්වයක් ඇතිවේ යැයි අවදානම් මට්ටම විදියට අපි සලකන්නේ රික්ටර් පරිමාණයේ 6.5ක් හෝ 7 වැනි අගයගෙන් ඉහළ ඒවා.”

“ලංකාවේ භූගෝලීය පිහිටීම ගත්තාම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙන් කරන්න බැහැ. එක පිහිටීමක්. පසුගිය කාලයේ වාර්තාවූ සිද්ධිත් සමග අපගේ ආයතනය දීර්ඝ අධ්‍යයනක් සිදුකරමින් පවතිනවා.”

“ඉතිහාසයෙත් මෙම ප්‍රදේශවලින් වරින්වර සුළු භූ චලන වාර්තාවෙලා තිබෙනවා.”

“මේ පිළිබඳ අනිසි බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. නමුත් අවධානයෙන් ඉන්න. භූ චලනයක් ගැන යම් දැනීමක් ඇති වුණොත් කඩිනමින් දැනුවත් කරන්න.”

Related posts

ධුරයෙන් ඉවත්වන්නැයි අගමැතිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දන්වයි !

colombotoday

“රතන හිමි අපට හිරිහැරයක්.. මන්ත්‍රී ධුරය අයිති හෙළ උරුමයටයි“ – චම්පික

colombotoday

මාලිමාවේ සුපිරි කැබිනට්ටුව 25කට සීමා වෙයි

Admin

පෙත්සම් ගැන තීරණයක් දෙන තුරු මන්ත්‍රී ධුරයේ හෝ ඇමති ධුරයක දිවුරුම් දෙන්නේ නැහැ – ධම්මික පෙරේරා

colombotoday

මත් ද්‍රව්‍යට ඇබ්බැහි වු රැදවියන් 8500ක් ඇප මත නිදහස්

colombotoday

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday