Colombo Today Local News

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට අනතුරු ඇගවීමක්

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට රජය කඩිනම් මැදිහත්වීමක් සිදුනොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි සභාපති ශ්‍යම් බන්නැහැක මහතා සඳහන් කරන්නේ, අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු අවස්ථාවක් ලබාදී නොමැති බවය.

ඒ සඳහා රජය කඩිනමින් පියවර නොගතහොත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස දැඩි ක්‍රියාමාර්ගවල නිරත වීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පවසයි.

Related posts

ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්ව වැඩ කරන්න සුදානම් – එජාප නියෝජ්‍ය නායක රුවන් කියයි

colombotoday

බැඳුම්කර සිද්දිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඇමති රවීගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

colombotoday

හෙට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි CID හිටපු අධ්‍යක්ෂ ශානිට සිතාසි

colombotoday

‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’

colombotoday

මම විපක්ෂයට යන කතාව බොරුවක් – රොෂාන් රණසිංහ කියයි

Admin

කරන්නාගොඩගෙන් ඊයෙත් පැය හතර හමාරක් ප‍්‍රශ්න කරයි

colombotoday