World

සඳ මතුපිට වීදුරු තට්ටු… ජනාවාස පිහිටුවා ගනිද්දී ජලය ප්‍රයෝජනයට ගන්න හැටි සැලැසුම් කරයි

සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයෝ පවසති. අනාගතයේ සඳ මත ජනාවාස පිහිටුවා ගනිද්දී, මෙම ජලය ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බවත් එය කළ හැකි ආකාරය මේ වනවිට සැලැසුම් කරමින් සිටින බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

වායුගෝලයක් නොමැති සඳ වියලි ශුෂ්ක ජීවයට නුසුදුසු තැනක් ලෙස සැලකෙයි.

කෙසේ නමුත් සඳ මතුපිට ජල අංශු ඇති බව සොයා ගෙන ඇත. ඊට අමතරව සඳ අභ්‍යන්තරයේ ඛනිජ ද්‍රව්‍ය ද අන්තර්ගත වෙයි.

සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් අනාවරණය වී ඇත්තේ 2020 වසරේ චීනය සඳ ගවේෂණය කළ ‘චැංග් ඊ 5’ මෙහෙයුමෙන් පසුවය. චීන විද්‍යාඥයන් එම මෙහෙයුමේ දී සඳට රොබෝ යානයක් යවා පස් සාම්පල ගෙන්වා ගැනීමක් කළේය.

Related posts

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දඬුවම්

colombotoday

වූහාන් මරු කටින් ගලවා ගැනීමට ඕස්ට්‍රේලියා රජය එරට පුරවැසියන්ගෙන් ඩොලර් 1000ක් අයකරයි…

colombotoday

සුඩාන වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක්

Admin

ISIS ත්‍රස්තයෝ සිරියානුු ළමයින් 200ක් එකවැර වෙඩිතබා මරා දමයි (Video)

colombotoday

පාකිස්ථානයේ සුෆී මුස්ලිම් පල්ලියකට ISIS ප්‍රහාරයක්… 70 බිලි !!

colombotoday