Colombo Today Local News

අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දුට එරෙහි පෙත්සම විසිවෙයි

ගාලු මෝදර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (27)දින නියෝග කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදී තිබේ.

එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් අභියාචනාධිකරණය එම තීන්දුව ලබා දී අත.

Related posts

“සමෘද්ධි ව්‍යාපාරය මහ බැංකුවට පවරාගන්න ඉඩ තියන්නේ නැහැ” – ශාන්ත බණ්ඩාර

colombotoday

භූමිතෙල් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

colombotoday

හම්බන්තොට චීනයට දෙන නිසා ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙනවා – ෆොන්සේකා

colombotoday

රංජන් නිදහස් කර ගන්න සාකච්ඡා

colombotoday

1997 ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි !

colombotoday

අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

Admin