Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් කෝටිපති අබ්දුල්ලා දින 90ක් රදවාගෙන ප්‍රශ්න කරන්න අවසර

තවුහිද් ජමාද් සංවිධානයේ නායක ‘මොහොමඩ් සහ්රාන්’ ගෙන් හම්බන්තොට ප්‍රදේශයේ ආරක්ෂක නිවස්නයකදී අවි පුහුණුව ලබා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල ලබාදුන් බව කියන එම සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට අද (27)දින අවසර ලබා දී තිබේ.

මෙලෙස දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මහනුවර පදිංචි ඒ. එස්. අබ්දුල්ලා නැමැත්තාය.

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඒ සදහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඉකුත් 21 වැනිදා අත්අඩංගුවට ගත් මෙම සැකකරු, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් දින 90ක රැදවුම් නියෝග මත තම කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබා දෙන ලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.

ඒ අනුව සැකකරු ලබන ජුනි මස 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා එම කොට්ඨාසයට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

Related posts

“ජන සටනේදී” මෛත්‍රීවත්, ශ්‍රීලනිපයවත් විවේචනය කළේ නෑ.. විනය ක්‍රියාමාර්ග අවශ්‍ය නෑ – සන්ධාන මහලේකම්

colombotoday

“රොහින්ග්‍යා සරණාගතයන් අපට බාරගන්න බෑ.. ආපසු මියන්මාරයට ගෙන්වාගන්න” – බංග්ලාදේශ අගමැතිනිය

colombotoday

මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුවෙන් මහින්දට සංදේශයක්

colombotoday

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

colombotoday

මාකඳුරේ මදූෂ් දිවයිනට… CID අත්අඩංගුවට ගනී…

colombotoday

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin