Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් කෝටිපති අබ්දුල්ලා දින 90ක් රදවාගෙන ප්‍රශ්න කරන්න අවසර

තවුහිද් ජමාද් සංවිධානයේ නායක ‘මොහොමඩ් සහ්රාන්’ ගෙන් හම්බන්තොට ප්‍රදේශයේ ආරක්ෂක නිවස්නයකදී අවි පුහුණුව ලබා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල ලබාදුන් බව කියන එම සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට අද (27)දින අවසර ලබා දී තිබේ.

මෙලෙස දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මහනුවර පදිංචි ඒ. එස්. අබ්දුල්ලා නැමැත්තාය.

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඒ සදහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඉකුත් 21 වැනිදා අත්අඩංගුවට ගත් මෙම සැකකරු, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් දින 90ක රැදවුම් නියෝග මත තම කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබා දෙන ලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.

ඒ අනුව සැකකරු ලබන ජුනි මස 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා එම කොට්ඨාසයට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

Related posts

බිරදගේ අනියම් පෙම්වතා බොරලැස්ගමුවේදී ඝාතනය කරයි

Admin

එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් ආසදිතව මියයයි

colombotoday

පාර්ලිමේන්තුවේ හූව හූවක් උනාට හුවක් නෙවෙයි. හිරුනිකා කියන කතාව

colombotoday

තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස්

Admin

සමාජ ශාලාවේ යකා නැටූ පිරිස ප්‍රභූ ආරක්ෂක අංශයෙන් ඉවතට !

colombotoday

නීති විරෝධී මත් ද්‍රව්‍ය වැඩියෙන් එන්නේ නැගෙනහිරින්

colombotoday