World

අනන්තය දක්වා දින සොයාගත හැකි දින දර්ශනයක් සොයාගනී

අනන්තය දක්වා දින සොයාගත හැකි අපූරු දින දර්ශනයක් නිමවූ ඉන්දියානුවෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පිටු 24 කින් යුතු මේ පොකට් දින දර්ශනය නිර්මාණය කර ඇත්තේ 60 හැවිරිදි මුනිරාජ් නම් දකුණු ඉන්දියානුවෙකි.

ඉදිරි වසර බිලියන 2 දක්වා දින සටහන් වන පිටු 30කින් යුතු කුඩා ප්‍රමාණයේ දින දර්ශනයක් නිර්මාණය කිරීමට මීට පෙර මුනිරාජ් සමත්ව තිබුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ මෙවර දින දර්ශනය එහි දිගුවක් බවය.

මුනිරාජ් මෙම දින දර්ශන නිර්මාණ කර ඇත්තේ යම් ගණිතමය මූලධර්මයක් භාවිත කරමිනි.

ඔහුට එම ගණිත ක්‍රමය සොයාගෙන ඇත්තේ 1988 වසරේදී දිනයක් සොයාගැනීමට ගත් උත්සාහයක් අතරතුරදීය.

10 වසරේදී සිය පාසල් දිවිය නිම කළ මුනිරාජ් විශ්‍රාමලත් සෝදුපත් බලන්නෙකි.

වසර බිලියන 2ක් දක්වා දින ගණනය කළ හැකි දින දර්ශනය සඳහා ඔහු රජයේ සම්මානයට පවා පාත්‍ර වී තිබේ.

ග්‍රහලෝකවල චලනය නිරීක්ෂණය කිරීම සඳහා නව දින දර්ශනය යොදාගැනීම මුනිරාජ්ගේ අපේක්ෂාව වී තිබේ.

Related posts

කොරෝනා එන්නත් ප්‍රතික්ෂේප කරන්නන් සිර බාරයට

colombotoday

සෑම විනාඩි 15කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන රටක්.. 86 හැවිරිදි මිත්තනියවත් දූෂණය කරලා

colombotoday

ඉන්දියාව නැවතත් මෝදිට… මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් !

colombotoday

හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනී

Admin

“දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ ” කැමරන් විපක්ෂ නායකයාට කියයි!

colombotoday

අතුරුදහන්ව සිටි මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළකින් හමුවෙයි

colombotoday