කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් අද (24) පෙරවරුවේ එහි සේවා කටයුතුවලට බාධා මතු වී තිබේ.
අද (24) පෙරවරුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරින් එහි විදුලිය විසන්ධි කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.
මේ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩයේ සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න මහතා සදහන් කරන්නේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම කාර්යාලයේ විදුලිය විසන්ධි කළ බවයි.