World

රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි

නඩුවකට වරදකරු වී වසර දෙකක සිර දඬුවමක් නියම වීම හේතුවෙන් රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි වී තිබේ.

ලොක් සභා ලේකම් කාර්යාලය රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ආසනය හිස් වී ඇති බව අද (24)දින නිවේදනය කළේය.

ලොක් සභාවේ නිවේදනයත් සමඟ ඉන්දීය මැතිවරණ කොමිසමට රාහුල් ගාන්ධිගේ ආසනය සඳහා මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීමට විශේෂ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ලැබී ඇත.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 102(1)(ඊ) වගන්තියේ විධිවිධාන අනුව සහ 1951 ඉන්දීය මහජන නියෝජන පනතේ 8 වැනි වගන්තිය ප්‍රකාරව රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇතැයි ලොක් සභා ලේකම් කාර්යාලය ඊයේ(24)දින නිවේදනය කළේය.

Related posts

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

colombotoday

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට

colombotoday

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු වෙයි

Admin

දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)

colombotoday