Colombo Today Local News

බුරු මූණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662ක් සොයා ගනී

අත්අඩංගුවට ගත් රවිදු වර්ණරංග නොහොත් බුරු මූණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662 ක් සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඔහු විසින් හංවැල්ල ප්‍රදේශයේ විදුලි කණුවක් ආසන්නයේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

අවිසාවේල්ල අධිකරණය අසල මානියන්ගම මාර්ගයේ පිහිටි මෝටර් රථයක් තුළ සිටියදී පසුගියදා ඔහු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් පැය 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

පසුගියදා රහසිගතව විදේශගත වීමට උත්සහ කළ අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරින් විසින් ‘බුරු මූණා’ අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාර දී තිබූ නමුත් පසුව ඔහු පොලිස් අත්අඩංගුවෙන් ද පලා ගොස් තිබුණි.

පසුව ඔහුට පලා යෑමට ආධාර අනුබල දුන් භික්ෂුන් වහන්සේ නමක් හා තවත් පුද්ගලයෙකු ද කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණි.

Related posts

විදේශිකයින්ට අරමුදල් සියරට යැවීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් සමග සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

පුංචි පුතා පාසල් ගිය පළමු දවසේම මරුවා අරන් යයි

colombotoday

අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ ඉන්ධන මිලට සම කරයි

Admin

දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරයි

colombotoday

මේවට කියන්නේ වදුරු කුණුහරුප කියලා. සුළු ජාතික අධිකරණ අමාත්‍යවරයෙක් යටතේ මහ ජාතියට ව්‍යාවස්තාවක් නිර්මාණය කිරීම යුක්ති යුක්තද?

colombotoday