World

න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම අවසන් විකල්පයයි

රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති බවත් ක්‍රෙම්ලීන (රුසියන් පාර්ලිමේන්තුව) ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කර තිබේ.

බටහිර විශ්ලේෂකයන් අනතුරු අඟවමින් පවසා ඇත්තේ, රුසියාවත් යුක්රේනයත් අතරේ හටගත් යුදමය තත්ත්වය තෙවැනි ලෝක යුද්ධය දක්වාත්, න්‍යෂ්ටික යුද්ධයක් දක්වාත් දුරදිග යනු ඇති බවය.

යුක්රේනය චෝදනා නගන ආකාරය තෙවැනි ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇත.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර මේ වනවිට මාසයක කාලයක් ගත වී තිබේ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට න්‍යෂ්ටික බලඇණි සීරුවෙන් තැබීමට ද අණ දී තිබේ. ඒ පසුගිය පෙබරවාරි 28 වැනිදාය.

Related posts

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවදිගෙන් බන්ධනාගාරයකට ප්‍රහාරයක්

colombotoday

වයස 2ක සහ 5ක දැරියන් දෙදෙනෙකු සමුහ දුෂණයට ලක්වේ – සැකකරුවන් අත්අඩංගුවේ

colombotoday

තබ්ලික් ජමාත් නිසා පකිස්තානයත් අබ්ලික්. අතිවිශාල රැස්වීමක් පවත්වලා. ඉස්ලාම් දේශකයන් 40 කටත් කොරෝනා

colombotoday

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

Admin

ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

Admin

බයිඩන් ජාතිය අමතා දුන් ප්‍රතිඥාව

Admin