World

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ට මූල්‍ය වංචා චෝදනාවක් මත වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ.

අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා රාජ්‍ය ආයතනයක නිලධරයක් දැරීම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

2007 වර්ෂයේ සිට දෙවතාවක් ඇය එරට ජනාධිපති ධුරය දැරූ අතර ඇගේ ස්වාමි පුරුෂයා ද ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපතිවරයෙකි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද හේතුවෙන් ඇය සිරගත වීම සිදු නොවනු ඇති බවයි.

ආර්ජන්ටිනාවේ උපජනාධිපතිවරයෙකු ධුරයේ සිටියදී අපරාධයකට වරදකරු වූ පළමු අවස්ථාවද මෙයයි.

Related posts

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි ධුරයෙන් ඉවත් වෙයි

colombotoday

අධිබලැති විදුලි රැහැන් කුළුණක ගුවන් යානයක් පැටලෙයි

Admin

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday

අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධූරයට විශ්‍රාමික ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් නම් කරයි

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday