උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් ශ්‍රී ලංකා රජයේ අවසරය රහිතව බ්‍රිතාන්‍යයේ කින්ස්ටන් මහ නගර සභාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
ඔහු මේ බව උතුරු පළාත් සභාවට පවා දැනුම්දී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග පැවසීය. බ්‍රිතාන්‍ය කින්ස්ටන් මහ නගර සභා ප්‍රදේශයේ 12,000 ක් පමණ ඊළාම් ඩයස්පෝරා ක්‍රියාකාරින් සිටින බවද හෙළි වී ඇත.
විදේශ රටක ආයතනයක් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකා රජයේ අවසර ගත යුතුව තිබේ.