තමන් ආරක්ෂක ලේකම්ව සිටියදී රාජ්ය බුද්ධි අංශ මෙහෙයවූයේ ත්රස්තවාදීන් පිළිබදව තොරතුරු සෙවීමට බවත්, වත්මන් පාලනය යටතේ, රටට ජාතියට තර්ජනයක් වන ත්රස්තවාදියෙකු ලෙස සිතා රාජ්ය බුද්ධි අංශ තමන් පසුපස එවීමට කටයුතු කිරීම කණගාටුවට කරුණත් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රාජ්ය බුද්ධි අංශයක් එවන් කටයුත්තක් සදහා තම කාලය ශ්රමය වැය කිරීම අපරාධයක් බවද පවසන රාජපක්ෂ මහතා උවමනා නම් තම දිනපතා වැඩපිලිවෙල ඔවුනට ලබා දිය හැකි බවද කියා සිටී.
ඒ මහතා මේ බව කියා සිටියේ මාතර වැලිගම පැවති උත්සව සභාවක් අමතමිනි.