Colombo Today Local News

රටේ ස්වෛරීත්වය පාවා දෙන ජාත්‍යන්තර ප්‍රඥප්තියකට ආණ්ඩුව එකග වෙලා – ඉදුරාගාරේ ධම්මරතන හිමි


රජය විසින් සම්මතකර ගන්නා ලද අතුරුදහන් වුවන් පිළිබද පනත “මල් මල් චිත්තෙකින් වහපු බෝම්බයක්” බව මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි පවසනවා. මාධ්‍යවේදී චතුර පමුනුව විසින් රචිත “බොදු මග අවුරන අදමිටු බල” කෘතිය දොරට වැඩීමේ අවස්ථාවට පසුගිය 7 වනදා සහබාගී වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියා.

මෙම පනත පිලිබදව සත්‍ය තොරතුරු වසන් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට චෝදනා කර සිටි ධම්මරතන හිමි, පනතේ සදහන් – වගන්තිය තුලින් ඕනෑම අවස්ථාවක විදේශීය හමුදාවකට මෙරටට පැමිණීමට නීතිමය අවසරයක් ලබා දී ඇති බව සදහන් කර සිටියා.

පනත පිලිබදව විස්තර දැනගැනීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට තමන් වහන්සේ ගිය බවත් ලිපි කිහිපයක් හුවමාරු වීමෙන් පසුව එම පනත ලබා දීමට ජනාධිපති ලේකම්වරයා අපොහොසත් වූ බවත් මෙහිදී උන්වහන්සේ සදහන් කර සිටියා. ජනතාවගෙන් සත්‍ය වසන් කර රට අරාජික කිරීම සදහා “එක්සත් ජාතික නිදහස් පක්ෂය” පියවර ගනිමින් සිටින බව අවධාරණය කල ධම්මරතන හිමි, ජනතා නියෝජිතයින් ජනතාව බලාපොරොත්තු වනදේ සිදු නොකරනවානම් “බලය” ජනතාව අතට ගත යුතු බව ප්‍රකාශ කර සිටියා.

Related posts

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin

අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95%ක් ඇණහිටී..

colombotoday

“සිංහල බෞද්ධයන් මේ රටේ ප්‍රධාන ජාතියයි.. ජනපති-අගමැති ආදර්ශවත් විය යුතුයි“ – අස්ගිරි මහනාහිමි

colombotoday

බන්ධනාගාර නිලධාරීන්ට ආරක්ෂක ලේකම්ගෙන් රතු එළියක්

colombotoday

සාක්ෂිකරුවන් ආරක්ෂා කරන ආයතනයක ප්‍රධානියකු ගානියා වෙනුවෙන් පෙනී සිටීමේ උත්සාහයක

colombotoday

පොතුහැර පුද්ගල ඝාතනයක්

colombotoday