Colombo Today Local News

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති

kapila-jayampathi

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාෂල් කපිල ජයම්පති පත්කර තිබේ. එයාර් වයිස් මාෂල් තනතුරේ කටයුතු කළ ඔහු එයාර් මාෂල් තනතුර දක්වා උසස්කර ඇති බව දැනගන්නට ලැබේ. ඒ අනුව එයාර් මාෂල් කපිල ජයම්පති මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වන ගුවන් හමුදා පතිවරයා වේ. මෙතෙක් ගුවන් හමුදාපති ලෙස කටයුතු කළ එයාර් මාෂල් ගගන් බුලත්සිංහල හමුදා සේවයෙන් විශ්‍රාම යන බවත් දැනගන්නට ලැබේ.

වසර 36ක හමුදා දිවියේදී වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණ සේවා පදක්කම යන හමුදා ක්ෂේත්‍රයේ ඉහළම පදක්කම් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. ඔහු කොළඹ නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වෙයි.

හිටපු ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල මහතාද කොළඹ නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වෙයි.

Related posts

ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේර ගමු… ශම්මි සිල්වා ගේ ආරක්ෂක පාතාලයා දැක ඇමති රොෂාන් බය වෙයි

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල වැඩ වර්ජනයක්

Admin

සහරාන් ඇතුළු කණ්ඩායම අප්‍රේල් 20 කර තිබු පෙර පුහුණුවක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක දැන ඉදලා

colombotoday

අනාගතයේදී වන්දි ගෙවන්න වෙයි. බලු බද්ද යෝජනා කෙරූ දඹුල්ල නගරාධිපති ඕපාත වාර්තා කරුවන්ට තග දමයි.

colombotoday

ගෙදර යන්න කලින්, දෙමළ ඩයස්පොරාවට ඔබාමාගෙන් තෑග්ගක් !

colombotoday

සති අන්තයේ බස්නාහිරින් පිටතට යෑම සීමා කරන්න..!

colombotoday