Colombo Today Local News

සුමන්තිරන් ඝාතන තැත, දෙමළ දේශපාලන පක්ෂ අතර බල අරගලයක ප්‍රතිඵලයක් !

 

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇත්තේ ඔවුන් විසින්ම කිරි පොවා ඇති දැඩි කළ අන්තවාදීන් බවත්, එම ඝාතන උත්සාහයේ වගකීම දෙමළ සමාජය තුළ අන්තවාදය පතුරුවන දෙමළ ජාතික සන්ධාන සාමාජිකයින්ම භාරගත යුතු බවත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

ජනවර්ගවාදී, බෙදුම්වාදී දේශපාලනයෙන් ඉවත් වී ජාතික දේශපාලනයට පිවිසීමට ඔවුන් දැන්වත් කටයුතු නොකළොත් ඉදිරියේදී ඔවුන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි කී මන්ත්‍රීවරයා තමන් ආරක්‍ෂා කිරීමට පියවර ගත් ආරක්‍ෂක අංශ සාමාජිකයින්ට ස්තුතිය පළ කිරීමට තරම්වත් සුමන්දිරන් මහතා කෘතවේදී නොවීම ගැන කණගාටු වන බව ද කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන දෙමළ දේශපාලන නායකයින් ඝාතනය කිරීමේ උත්සාහයන් ඇතුළු සිදුවන දේවල් අනුව රටේ ජාතික ආරක්‍ෂාව යම් අනතුරක පවතින නිසා පවතින ආරක්‍ෂක වැඩපිළිවෙල කිසිසේත් ලිහිල් නොකළ යුතු බව ද මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සුමන්තිරන් මන්ති‍්‍රවරයා ඝාතනය කිරීමට දැරූ උත්සහයක් අනාවරණ කර ගැනීමට හැකිවූයේ මේ මස මුලදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කිලිනොච්චියේදි අත්අඩංගුවට ගනු ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනෙකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදීයි.

ඉකුත් මස 13 වැනිදා යාපනය සිදු කිරීමට නියමිතව තිබූ සංචාරයකදීද සුමන්තිරන් මන්තී‍්‍රවරයා ඝාතනය කිරීමට සැලසුම්කර තිබූ බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

Related posts

රට Lock Down කළොත් එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ ?

colombotoday

“මාව මේකට පටලවා වැරදිකාරයෝ බේරෙන්න හදනවා” – රවීගේ ප්‍රකාශයෙන් මහ පුටු දෙදරයි !

colombotoday

ලාංකික සරණාගතයන්ටත් යුරෝපයේ රටවල් 4ක දොර වැසේ

colombotoday

කුවේටයේ සිටි ලාංකිකයෝ 31 ක් දිවයිනට එවයි

Admin

මැලිබන් බිස්කට් එකේ ගෝස් කැබැල්ලක් ! බලධාරීන්ට පැමිණිලි !

colombotoday

බහින්බස් වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday