Colombo Today Local News

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

ජාතික ජන බලවේගය පැවැත්වූ විරෝධතාවේදී කිසිදු අවස්ථාවක පොලිස් නිලධාරීන් එම පිරිසට බැට්න් ප්‍රහාරයක් හෝ පහර දීමක් සිදු නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ, විරෝධතාකරුවන් යූනියන් පෙදෙසට ගමන් ආරම්භ කිරීමේදී ඉබ්බන්වල මංසන්ධිය ආසන්නයේදී පෙළපාලියක් යාමට අවසර දීමට නොහැකි බවට කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ අතර එහිදී පොලිසියට බාධා කරමින් පෙළපාලිය යාමට සූදානම් වූ නිසා පොලිසියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බව ය.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට මෙලෙස කටයුතු කිරීමට සිදු වූ බව ද නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කර සිටියේ, කඳුළු ගෑස් වැදීම නිසා පුද්ගලයින් 29 දනෙකුට ආසන්න සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහලට ගොස් ප්‍රතිකාර ලබා තිබූ බව ය.

මෙයින් ඇති වු තෙරපීම නිසා පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට පමණ තුවාල සිදු ව ඇති බව ත් ඔවුන් ප්‍රතිකාර සඳහා පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම දිසා භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අවශ්‍ය විමර්ශන කටයුතු සිදු ක‍රන බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

Related posts

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin

බස් රථයේ හිරිහැර – මගීන්ගේ සටනින් සැකකරුවන් අල්ලයි

Admin

අර්ජුන් මහේන්ද්‍රන් හර්ජුන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරයි. අධිකරණයේදී හෙළිවෙයි

colombotoday

සාගර කාරියවසම් ගේ රෙද්ද පල්ලෙන් බේරෙයි. ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

සිරගත කරගෙන සිටින සියළුම බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කරන්න – අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි

colombotoday

“ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්” පුවතට උලමා කිපෙයි. Colombo Today ට එරෙහිව නිවේදනයක්.

colombotoday