බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වාහාම විවෘත කරන ලෙස ඉල්ලමින් බත්තරමුලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංයේ ඊයේ (23)දින පැවැති විරෝධතාව අතරතුරදී ඉසුරුපාය පරිශ්‍රයේ සිවුවැනි මහලේ සිටි ගුරුවරු මාරු නියෝජිතයන්ට පොලිසිය පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම පරිශ්‍රය ඉදිරිපිට ගුරු සංගම් අද (24)දින විරෝධතාවක් දැක්වීය.
‘පොලිස් මැර ප්‍රහාරයට එරෙහිව නීතිය ඉටු කරනු’, ‘අධ්‍යාපන අමාත්‍යංශයට පොලිසියේ අනීතික කඩා වැදීම තරගයේ හළා දකිමු’ සහ ‘ගුරු මාරු නියෝජිතයන්ට කළ පොලිස් මැර ප්‍රහාරය හෙළා දකිමු’ ආදි පුවරු රැගෙන එහිදී ගුරුවරු විරෝධය දැක්වූහ.