Colombo Today Local News

උද්ඝෝෂකයෝ මහරගම පොලිස් ස්ථානාධිපතිට ඇඟිලි දෙකක් අහිමි කරයි. – නායකත්වය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තුව පිවිසුම ආසන්නයේ දී ඊයේ (3) පැවැත්වූ විරෝධතාවයේදී මාර්ගයේ යොදා තිබු මාර්ග බාධක තල්ලු කිරීම හේතුවෙන් මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ ඇඟිලිවලට දැඩි හානි සිදුව ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයාට ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර එහිදී ඇඟිලි දෙකක් ඉවත් කර තිබෙනවා.

මේ අතර රාජ්‍ය දේපළට හානි කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා සහ නිදහස අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සාමාජිකාවක ඊයේ (3) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා ලෙස කටයුතු කළ කොස්වත්තගේ චමීර නිරෝෂණ පෙරේරා සහ නිදහස් අධ්‍යාපනය උදෙසා ජන ව්‍යාපාරයේ සාමාජිකාවක් වන කෝෂිලා හංසිමාලි පෙරේරා යන අයවලුන්ය

අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, පොදු දේපල දේපල පනත ,රජයේ නිලධාරීන්ට බරපතළ තුවාල සිදු කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Related posts

කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් විදෙස් සමාගමකට පවරා දෙයි

colombotoday

විමල් සහ ගම්මන්පිල පන්නා දැමු බව ජනපති මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි.

colombotoday

’’පානදුර සලිදුගේ’’ කුඩු පැකට් කළ යුවලක් බඩුත් එක්ක දැලේ

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සදහා එජාප සටන ගාලුමුවදොරදී ඇරඹෙයි… සෙනග නැතිව සංවිධායකයන් අසීරුවේ…

colombotoday

පොහොට්ටුවේ මහ සමුළුව එන මාසයේ… මහින්ද නිල වශයෙන් නායකත්වයට පත් කරයි…

colombotoday

ගාලු මුවදොර අරගල භුමියට ආ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්

colombotoday