Colombo Today Local News

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

දිස්ත්‍රික්ක දොළහක් සඳහා පළාත් පාලන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මේ වන විට සැලසුම් කර අවසන් යැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රධාන පුවත් පතකට පවසා තිබේ.

ඡන්ද විමසීම සඳහා වන මුද්‍රණ කටයුතුවලට අවශ්‍ය කඩදාසි ප්‍රමාණවත් තරම් මුද්‍රණාලය සතුව පවතින බව සඳහන් කර ඇති මුද්‍රණාලයාධිපතිනිය දිස්ත්‍රික්ක විසිපහට ම අවශ්‍ය දැන්වීම් මුද්‍රණය කිරීමට සූදානමින් පවතින බව ද පැවසූ බව සදහන් ය.

පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සිදුව ඇතැයි ද මුද්‍රණාලයාධිපතිනිය මේ වන විට ඡන්ද පත්‍රිකාවල සෝදුපත් බැලීම සිදු කෙරෙමින් පවතින බව ද සඳහන් ය.

පළාත් පාලන ආයතන 339 සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තු රජයේ මුද්‍රණාලය වෙත ලැබෙමින් පවතින බව සඳහන් කළ මුද්‍රණාලයාධිපතිනිය එම සියලු ම ලැයිස්තු ලැබුණු පසු අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කෙරෙන බව ද සදහන් කර ඇත.

ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතුවල යෙදෙන කාර්ය මණ්ඩලයට අතිකාල ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදල් මුද්‍රණාලය සතුව ඇතැයි ද ඇය වැඩි දුරටත් පැවසූ බව සදහන් ය.

Related posts

ලියාපදිංචි නොකළ මද්‍රසා පාසල් 1000ක් රට පුරා !

colombotoday

කොටින්ට විෂ දුන් කතාව බොරුවක් වෙයි.. හමුදාව නිර්දෝශියි

colombotoday

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. | රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි.

colombotoday

වෙසක් පුන් පොහෝ දිනේ බත්තරමුල්ලේ සුපිරි වෙළදසැලක මස් විකුණයි!

colombotoday

අගමැතිගේ සිංගප්පූරු සගයාට නැවත මහබැංකු අධිපතිකම නොලැබෙයි.. ජනපති තීරණය කරයි !

colombotoday

මල්වර උත්සවයට – මළගෙදරට ආ පිරිස අතර ගැටුමෙන් 3 ක් රෝහලේ..18 ක් පොලිසියේ

colombotoday