Colombo Today Local News

ව්‍යවස්ථාව කඩා, නීතිය නැමූ විග්නේෂ්වරන් අල්ලනු.. ගම්මන්පිලලා විරෝධයේ

wig-gmnවිග්නේශ්වරන් වහා අත්අඩංගුවට ගනු යන මැයෙන් කොටුව දුම්රිය ස්ථානය අබියස පැවැති උද්ඝෝෂණය අතරතුරදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සි වී විග්නේශ්වරම් මහතා “සිංහලයින් උතුරු පළාතේ පදංචි වීම නවතනු, බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම නතර කරනු” යන ඉල්ලීම් මුල්කර ගෙන නැගිටිව් දෙමළුනි හෙවත් ‘එළුංග තමිල්’ නමින් සැප්තැම්බර් 24 වන දින යාපනයේ උද්ඝෝෂණයක් පැවැත්වූවා. උතුරු පෙලාතේ බුදු පිළිම ඉදිකිරීමටත් සිංහලයින් පදිංචි කිරීමටත් ඔහුගේ විරෝධය එහිදී පලකලා.

විග්නේශ්වරන් මහතා වෙර දරා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 14(1)(ඉ) සහ (ඌ) වගන්ති වලින් ශ්‍රි ලංකාවේ සෑම පුරවැසියෙකුටම සහතික කර ඇති ප්‍රසිද්ධියේ ආගම ඇදැහීමේ නිදහසට සහ කැමති පලාතක ජීවත් වීමේ අයිතියට අභියෝග කිරීමටයි. එයින් ඔහු ජාතාවාදය සහ ආගම්වාදය ඇවිස්සීමට කැටයුතු කරලා තියෙනවා.

පසුගිය ජනාධිපති සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර අත්සන් කල රහස් ගිවිසුමක් හෙළි කිරීමෙන් ජාතිවාදය ඇවිස්සුවා කියලා තිස්ස අත්තතානයක මහතා අත්අඩංගුවට ගන්තේ ජාතිවාදය ඇවිස්සූ බවට චෝදනා නගමින්. සිංහලයන්ට උතුරේ පදිංචිවෙන්න එපා කියමින් ව්‍යවස්ථාවෙන් සිංහලයන්ට ලබාදී ඇති අයිතිය උදුරාගැනීමට තැත් කිරීමෙන් උතුරේ මහ ඇමතිතුමන් ජාතිවාදය අවුස්සල තිබෙනවා.

ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරල තියෙන්නේ කුරාණය විවවේචනය කර ආගම් අතර ගැටුමක් ඇති කිරීමට උත්සහ කලා කියල. උතුරේ බුදු පිලිම ඉවත්කරන්නනට කියමින් බෞද්ධයන් හා අබෞද්ධයන් අතර ගැටුමක් ඇති කිරීමට විග්නේශ්වරන් මහත්තය උත්සහ දරල තියෙනව.

“නැගිටිව් දෙමළුනි“ සංවිධානය කලේ උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මැතිතුමා. තම නිල ලිපි ශීර්ෂ යොදා ගෙන තමයි ජනතාවට විරෝධතාවයට සහභාගි වෙන්න කියලා ආරාධනා පත්‍ර යැව්වේ. ඒ වගේම පලාත් සභාවේ වාහන සහ නිලධාරින් වැනි රාජ්‍ය දේපල මේ විරෝධතාවයට භාවිතා කළා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙමළ බෙදුම්වාදි උද්ඝෝෂණයක් රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන්නේ.

2015 නොවැම්බර් මාස 26 දින විග්නේශ්වරන් මහතා නන්දි කඩාල් කලපුව අසළ මිය ගිය කොටින් සැමරීමක් සුදානම් කර තිබුණා. පොලීසිය විසින් එකී උත්සවය තහනම් කරමින් උසාවි නියෝගයක් ගෙන තිබුණා. නමුත් එකී තහනම නොතකා විග්නේශ්වරන්මහතා කොටි සමරුව සිදු කලා. ඒ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරා නම් අද මෙවැනි බෙදුම්වාදි ජාතිවාදි ප්‍රවණතා උතුරෙන් මතු නොවන්ට තිබුනා.

නමුත් උසාවියට අපහාස කරා කියලා අපිව කුදලා ගෙන ගිහින් කුඩුවේ දැම්මා වගේ විග්නේශ්වරන්, ශිවාජිලිංගම්ලව කුඩුවට දාන්න කවුරුවත් හිටියේ නෑ. එකෙන් දෛරමත් වුණු බෙදුම්වාදීන් අද මේ වන විට ඉතාම නිර්භයව විවෘතව උතුරෙන් සිංහලයන් ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් පටන් අරන් තියෙනවා. අද විග්නේශ්වරන් අත්අඩංගුවට නොගත්තෙතේ දෙමළ ඊළම හදනතුරුම මේ ආණ්ඩුවට නිවටම නිහඬව බලා සිටින්න වෙනවා කියන අනතුරු ඇගවීමයි අපි කරන්නේ. පොලිසිපතිතුමා නීතිය නවන වැල්ඩින් බාස් කෙනෙක් වුණාට මේ අවස්ථාවේ බොහෝම තදින් ඉන්න බවයි පෙන්නේ. ඒ නිසා පොලිස්ලතිතුමා නීතිය ක්‍රියාත්මක නොකලොත් පොලිස් මුලස්ථානය වටලන්න නුදුරු දිනයකදීම මේ මහ සෙනග සමග පොලිස් මුලස්ථානයට එන්න වෙනවා කියන අනතුරු ඇගවීම පොලිස්පතිතුමාට කරනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

තෙමස් ගැබිණියක් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩ ගැනේ

colombotoday

භූ විද්‍යා හා පතල් කාර්යාංශය බලපත්‍ර දීමේදී වූ බරපතළ දූෂණ රැසක තොරතුරු අනාවරණය වෙයි

Admin

මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා කිරීම මෙලෝ රහක් නැති වැඩක් – අජිත් පි පෙරේරා කියයි

colombotoday

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට අවසර

colombotoday

බෞද්ධ ධර්මය දියුණු කරන්න මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කරනවා. – අගමැති රනිල් කියයි

colombotoday

පොලු රැගෙන සනත් නිශාන්තත් ගාලුමුවදොර අරගල භූමියේ

colombotoday