Colombo Today Local News

ලක්‍ෂ 30ක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙක් සොයයි

රාජකාරි කරන මුවාවෙන් කැකිරාව ප්‍රදේශයේදී රුපියල් ලක්‍ෂ 30ක් කොල්ලකෑමේ සිද්ධියකට සැක පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.

අදාල පොලිස් සැරයන්වරයා හලාවත පොලිසියේ සේවය කරන්නේ යැයි කියන අතර සැකකරු ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු මෙම කොල්ලය කර ඇති බවත් එම කොල්ලයට සම්බන්ධ පුද්ගලයකු මකුලුගස්වැව පොලීසිය මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිලධාරියා කියයි.

සැකකාර පොලිස් සැරයන්වරයා ජනාකීර්ණ නොවන මාර්ගවල රථවාහන රාජකාරි කරන මුවාවෙන් වාහන පරීක්‍ෂා කර වාහන කොල්ලකෑමේ නිරතව ඇති බවත් එම ක්‍රියාවලියේදීම මෙම ලක්‍ෂ 30 ක කොල්ලය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කරයි.

Related posts

සුපිරි වෙළෙඳ සැලක් තුළ හිමිනමකට පහර දී කොල්ල කලා

Admin

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

Admin

සැප්තැම්බර් උද්ධමනයේ වෙනසක්

Admin

බයිබලෙන් ගැහුවේ නෑ. එජාපයේ මඩ ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා.ජොන්ටන් කියයි

colombotoday

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අවබෝධතා ගිවිසුමක්

colombotoday