Colombo Today Local News

විග්නේෂ්වරන් නැවතත් පන්දම අතට ගනී.. හමුදාවට එරෙහිව ස්විස්ටර්ලන්තයට ගතු කියයි

unnamed75

සිවිල් පරිපාලනයක් උතුරේ ක්‍රියාත්මක බවට රජය ප්‍රකාශ කළත් ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් උතුරේ මේ වනවිටත් රඳවා තැබීමෙන් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට බාධාවක් වී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා පැවසීය.

හෙතෙම මේ පැවසුවේ, යාපනයට පැමිණි ස්විස්ටර්ලන්තයේ නීතිය හා පොලිස් කටයුතු පිළිබඳ ඇමතිනී සිමෝනිටා සොමාරු සමග ඊයේ (03දා) දහවල් සිය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, “යුද හමුදාවේ විශාල පිරිසක් උතුරේ රැඳීසිටීම නිසා මේ වසරේ ගත වූ කාලය තුළ සාමන්‍ය වැසියන් අනවශ්‍ය වධ බන්ධනවලට ලක්වීමේ සිද්ධීන් දාහතක් වාර්තා වුණා. හමුදාව උතුරේ රැඳී සිටිමින් මහජනතාව සතු ඉඩම් කොල්ල කන බව හා රජය එය නතර කිරීමට කටයුතු කරන බව පැවසීමෙන් පසුවත් උතුරේ ඉඩම් අක්කර 4,500 ක් පමණ අලුතින් අත්පත් කරගෙන තිබෙනවා.” යනුවෙනි.

Related posts

අක්මීමන දයාරතන හිමි අත්අඩංගුවට ගනී..

colombotoday

එජාපයේ නව උපසභාපති මංගල සමරවීර

colombotoday

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday

උතුරේ මැර කල්ලි මඬින්න ජනපතිගෙන් පොලිසියට උපදෙස්

colombotoday

පොලිසියේ කනෙන් රිංගා, අගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියා රටින් පැන යයි !

colombotoday

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද? – පොහොට්ටුවේ වීරසිංහට තද වෙයි

Admin