බලන්ගොඩ, රාස්සගල ප්රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝනයකර, ඇය ගැබිනියක් බවට පත් කළ ඇගේම 74 හැවිරිදි සීයාව බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුව ගෙන බලන්ගොඩ මහේස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානිධිපතිනි ප්රධාන පොලිස් පරීක්ෂක පාලිකා රාජපක්ෂ මහත්මිය පවසන්නේ මෙම අවදියේදී මවුපියන් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයකින් පසු විය යුතු බවයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් දරුවන් පාසල් නොයන බැවින් නිවසේ හුදෙකලා වෙන අවස්ථා වැඩි බැවින් එවැනි අවස්ථාවලදී කිට්ටුම ඥාතීන් හෝ හිතවතුන් අතින් ඔවුන් අතවරයට ලක්වන ප්රවනතාවක් දක්නට ඇති බව ඇය පෙන්වා දෙනවා.