Colombo Today Local News

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවලදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලිය ගබඩා කර තබාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කොරියානු ජනරජය සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් තබා ඇති ප්‍රදාන ආධාර සම්මුතිය යටතේ හම්බන්තොට ජාල උපපොළ ආශ්‍රිතව මෙගාවොට් 5ක ධාරිතාවයකින් යුත් මෙගාවොට් පැය 8ක් සඳහා වන විදුලි ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීමට කොරියානු රජය එකඟතාව පළ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා කොරියානු වොන් බිලියන 14.3ක් (ඇමරිකානු ඩොලර් මිලියන 11.9 ක් පමණ) ලබාදීමට කොරියානු රජය එකඟතාවය පළ කර ඇති බව කී අමාත්‍යවරයා ඒ අනුව එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පාර්ශවයන් අතර ගිවිසුම් අත්සන් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය හිමි වූ බව ද ප්‍රකාශ කළේය.

ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (31)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

චීන ජාතික තරුණයෙකු දියේ ගිලී මියයි

colombotoday

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

colombotoday

අධි වේගයේ වේගය පැන්නොත් බේරෙනවා බොරු. පොලිසියට ලැබුණ නවීන උපකරණ

colombotoday

අලුත් ව්‍යවස්ථාව විදේශ බලවේගවල උවමනාවටයි…

colombotoday

රට බංකොලොත් කලේ යහපාලන ආණ්ඩුවයි

Admin

ISIS තර්ජණය මැද හෙළිවූ කොටින්ගේ කෝටි 3500ක අවි ගබඩාව සහ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන්නයි ඉල්ලීමේ රහස

colombotoday