Colombo Today Local News

පෞද්ගලික අංශයෙත් පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි

රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (7)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව, පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය හරහා අදාල අංශවලට යොමු කර තිබෙන බව කී අමාත්‍යවරයා ඉදිරියේදී පෞද්ගලික අංශයේ අවම වැටුප නිවේදනය කරන බව ද සඳහන් කළේය.

අවම වැටුප් නිර්ණය කිරීමේ කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභාව රැස්වී අදාල යෝජනාවට එකඟතාවය ගෙන ඇතැයි ද හාම්පුතුන්ගේ සංගමය මෙන්ම වෘත්තීය සමිති අදාල කාරණා සම්බන්ධයෙන් එකඟතාවයෙන් වැඩ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

විදුලි සේවකයන් අඛණ්ඩව වර්ජනයේ.. විදුලිය දෙන්න හමුදාව කැදවයි !

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

colombotoday

අනුරගේ බලු වැඩේ ඇත්තටම හොඳයි!

colombotoday

රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා සමග අත්අඩංගුවට ගත් හිස්බුල්ලාගේ ආරක්ෂකයා ඇප මත නිදහස්….

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් ඇරෙයි

colombotoday