Colombo Today Local News

විදුලි සේවකයන් අඛණ්ඩව වර්ජනයේ.. විදුලිය දෙන්න හමුදාව කැදවයි !

විදුලි බලමණ්ඩල සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් පවත්වාගෙන යන බව ලංකා විදුලි බලමණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය පවසයි. තම ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දෙන තෙක්ම වැඩවර්ජනය ඉදිරියට ම ක්‍රියාත්මක කරන බව ඔවුහු පවසති.

 වැටුප් විෂමතා ඉවත් කර හයට එක අනුපාතයට වැටුප් තල සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 13 වනදා මෙම වැඩවර්ජනය දියත් කෙරිණි. ඒ අනුව අද වැඩවර්ජනයේ සිව් වන දිනයයි.
මේ අතර අඛණ්ඩව සේවා සැපයීම සදහා  ත්‍රිවිධ හමුදාවේ සහ විශ්‍රාමික විදුලි සේවකයන්ගේ සහයෝගය ලබා ගැනීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව පාරිභෝගිකයින්ට අඛණ්ඩව විදුලිය ලබා දීමට ත් විදුලි බිඳවැටීමකදී එය යථා තත්ත්වයට පත් කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබා ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

Related posts

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

Admin

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස් රථ 30 ක බලපත්‍ර අවලංගුයි

colombotoday

පාසල් ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණයි

colombotoday

“මගෙන් කුණුහරුප අහගන්නෙ නැතිව වාඩිවෙන්න“ මධ්‍යම ආණ්ඩුකාරී, විදුහල්පතිට ප්‍රසිද්ධියේ කියයි

colombotoday

ICC යෙන් දෙන ඉහළම සම්මානය මුරලිට !

colombotoday

පියා පැදවූ රථය ඇළට පෙරලී දියණිය මිය යයි.

colombotoday