Colombo Today Local News

රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා සමග අත්අඩංගුවට ගත් හිස්බුල්ලාගේ ආරක්ෂකයා ඇප මත නිදහස්….

රජයේ නිලධාරීන්ගේ නිල මුද්‍රා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නැගෙනහිර පළාත් වත්මන් ආණ්ඩුකාර එහි.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාගේ ආරක්ෂක නිලධාරියා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ මොහොමඩ් මන්සූර් මොහොමඩ් රිස්ලි යන සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියම කළේය.

මෝදර පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව මඟින් දක්වා ඇත්තේ මෝදර පොලිස් වසම තුළ පිහිටි මෙම සැකකරුගේ නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී එහි තිබී රජයේ නිලධාරින්ගේ මුද්‍රා කිහිපයක් හමුවී ඇති බවයි.

ඒ අතර පොලිස් අධිකාරී ප්‍රියන්ත විරසුරිය පොලිස් පරීක්ෂක මහින්ද සිල්වා යන අයගේ නිල මුද්‍රා හමුවී ඇතැයි ද පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළ අතර පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මේ මස 27 දා ඉදිරිපත් කරන්නයි නියම කළේය.

මෙම සැකකරු නැගෙනහිර අපත් මං ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු බවට කරුණු හෙළිවී ඇති බවත් ඔහු ඇමති ආරක්ෂක අංශයේ සාමාජිකයෙකු බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

Related posts

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

colombotoday

යහපාලන “TOP 10“ හයවැන්නා නම් කරයි… අගමැතිගේ සමීප හිතවතෙක් !

colombotoday

අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි

colombotoday

“ජනාධිපති මාමේ.. අවුරුද්දට කලින් අපේ තාත්තා ගෙදර එවන්න” සිරගත රණවිරුවකුගේ දරුවා කරන කාරුණික ආයාචනය

colombotoday

රූකාන්තට ගුටිබැට ප්‍රහාරයක්…

colombotoday

අරක්කු, සිගරට් මිළ ඉහළට, අලුත් වාහනවලට අලුත් බද්දක්, 5 වැනිදා ගේන අයවැයෙන් වෙන්න යන දේවල් මෙන්න

colombotoday